කොළඹට අද ජල කප්පාදුවක්

146

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 15ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.අද පස්වරු 05 සිට ඉරිදා පෙරවරු 08 දක්වා මෙම ජල කප්පාදුව සිදු කිරිමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කරයි.ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදු ව ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment