ශ්‍රී ලංකා ධජය නොමැතිව රග්බි කණ්ඩායම චීනයට

294

ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි සෙවන්ස් තරගාවලිය සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (21 වැනිදා) චීනය බලා පිටත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා රග්බි සංගමය තහනමට ලක් වී ඇති නිසා ආසියානු ඔලිම්පික් ධජය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග කිරීමට කිරීමට නියමිත වේ.

තරින්ද රත්වත්තෙ කණ්ඩායමේ නායකත්වය දරන අතර තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සෙසු රටවල් ඉදිරියේ හොඳ තරගයක් දී පදක්කම් ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි. දකුණු කොරියාව සහ චීන තායිපේ සමග මූලික වටයේදී ඔවුන් තරග වැදීමට නියමිතය.

කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියා කරන තුෂාන් ලෙව්කේ සඳහන් කළේ,

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගි වූ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් මෙම කණ්ඩායමට සහභාගි නොවූවත් අලුතින් එක් වූ ක්‍රීඩකයන් සමග ජයග්‍රහණ ලබාදීම තමන්ගේ බලාපොරොත්තුව බවයි.

කණ්ඩායම ඡායාරූපයට පෙනී සිටි අවස්ථාවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙමල් ප්‍රනාන්දු මහතාද එක් වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment