ලලිත් කොතලාවලට අතුරු තහනමක්

540

එන් ඈන්ඩ් පීල් ප්‍රොපර්ටි ඩිවලප්මන්ට් සමාගමේ අධ්‍යක්‍ෂ ධුරයක් දැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (23 දා) ගෝල්ඩන් කී සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්‍ෂ ලලිත් කොතලාවල මහතා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

විත්තිකාර ලලිත් කොතලාවල මහතා එම සමාගමේ කොටස් වංචනිකව හා නීතියට පටහැනි අයුරින් පවරා ගෙන ඇති බව පෙන්වා දෙමින් සෙලින්කෝ මන්දිරයේ පිහිටි පෙන් ඩෙන්ටල් සමාගම විසින් පවරා තිබූ නඩුවක් සලකා බැලූ විනිසුරුවාරයා එම නියෝගය කළේය.

ලබන අගෝස්තු 08 දා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දක්වා ලලිත් කොතලාවල මහතා වෙත අතුරු තහනම් දැන්වීම් හා නොතීසි නිකුත් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment