කොච්චර පෑව්වත් ජල විදුලියෙන් කොළ එළි

86

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක් පැවතියත් වාරි ජලාශවල සහ විදුලිය නිපදවන ජලාශවල ජල මට්ටම්වලට දැඩි බලපෑමක් මෙතෙක් එල්ලවී නැතැයි වාර්මාර්ග අධ්‍යක්‍ෂ එස්. ටී. ඩී. සුගීෂ්වර මහතා ‘දිවයින’ ට ඊයේ (13 දා) පැවසීය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73 තුළ ජල ධාරිතාව සියයට 90 ක් පමණ පවතින බවත්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් කුඩා ජලාශවල ජල මට්ටම්වල අඩුවීමක් පවතින බවත් ඔහු කීය. විදුලිය නිපදවන කාසල්රී ජලාශය ඇතුළු ජලාශ කිහිපයක ජල ධාරිතාවන්වල අඩුවක් පැවතියත් සමස්තයක් ලෙස බැලීමේදී එම ජලාශවල ජලය සැලකිය යුතු මට්ටමකින් අඩුවී නැතැයි ද ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment