වඩුක්කෝඩේ කඩු කල්ලි දෙකක් ගැටී තරුණයෙක් මරුට

43

සැකකරුවෝ සිව්දෙනා අත්අඩංගුවට

යාපනයේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයේදී කඩුවකින් පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිවුදෙනෙකු වඩුක්කෝඩෙයි පොලිසිය විසින් ඉකුත් 12 දා අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලි දෙකක් අතර ඇති වූ ආරවුලක් මත වෙනත් කඩු කල්ලියක සාමාජිකයන් විසින් මෙම පුද්ගලයාව කපා කොටා ඝාතනය කොට තිබුණි.

මේ සිද්ධියේදී මියගොස් තිබුණේ යාපනය වඩුක්කෝඩෙයි පදිංචි තවචෙල්වම් පවිතරන් නමැති 23 හැවිරිදි අයෙකි.

ඔහු මීට පෙර යාපනයේ වෙනත් කඩු කල්ලියක සාමාජිකයෙකුව කපා කොටා තුවාල සිදු කොට තිබූ අතර ඊට පළි ගැනීමක් වශයෙන් මොහුව කපා කොටා ඝාතනය කළ කරන්නට ඇති බව වඩුක්කෝඩෙයි පොලීසිය සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරම්භ කළ පොලිසිය යාපනයේ හා කිළිනොච්චියේ ස්ථාන හතරක සැඟව සිටි සැකකරුවන් සිවුදෙනකු අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

සැකකරුවන් මෙම අපරාධය සඳහා පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදි දෙකක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර තරුණයාව කපා කොටා ඝාතනය කළ කඩුව මෙතෙක් හමු වී නොමැත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තවචෙල්වම් පවිතරන් නමැති 23 හැවිරිදි අරාලි ප්‍රදේශයේ පදිංචි 37, 32, 25 සහ 22 යන වයස්වල හතර දෙනෙකි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment