දිගටම වැඩ කළ නොරොච්චෝලේ අක්‍රිය වීමේ අවදානමක්!  

309

විදුලි අර්බුදය හමුවේ නොරොච්චෝල ලක්විජය බලාගාරයට එක දිගටම විදුලිය ජනනය කිරීමට සිදුවූ නිසා එහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු 15ක් පමණ අතපසු වීමෙන් බලාගාරය කොයි මොහොතක හෝ අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇත.

මෙගොවොට් 300 බැගින් වූ යන්ත්‍ර තුනක් මගින්
මෙගොවොට් 900ක් පමණ ජාතික විදුලි පද්ධතියට එක් කරන අතර වරින්වර එක් එක් යන්ත්‍ර පද්ධතියෙන් ඉවත් කර නඩත්තු කටයුතු සිදුකිරීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය බව ලංවිම ඉංජිනේරුවෝ කියා සිටිති.

රට තුළ පවතින දැඩි නියඟය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය අවම මට්ටමකට පත්වීම, තාප බලාගාර මගින් ජනනය කරන විදුලිය දෛනික විදුලි අවශ්‍යතා පිරිමසා

ගැනීමට ප්‍රමාණවත් නොවීම ආදී කරුණු නිසා ගල්අඟුරු බලාගාරයෙන් නිපදවන සම්පූර්ණ මෙගොවොට් ප්‍රමාණයම ජාතික පද්ධතියට එක් කිරීමට සිදුවීමෙන් ඉකුත් මාස කිහිපයේදීම මෙම යන්ත්‍ර එක දිගටම ක්‍රියාත්මක කිරීමට සිදුව තිබේ. නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය හිටි හැටියේ අක්‍රිය වුවහොත් එම වරදට වගවීමට ඉංජිනේරුවන් සූදානම් නැතැයි ද ඔවුහු කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment