කාලා හමාරයි – දඹුල්ලේ එළවළු මිල 100%කින් නගී

1882

මුරුංගා රු. 500යි
කැරට්, බෝංචි, බීට් රු. 400යි
නෝකෝල් රු. 240යි
වම්බටු රු. 170යි
කෙසෙල්මුව රු. 100ට අඩුයි

දඹුල්ල වෙළෙඳපළේ එළවළු තොග මිල ඊයේ (23 දා) සියයට සියයකින් පමණ ඉහළ ගියේය.

තොග සැපයුම කිලෝ ලක්ෂ 08ක් පමණ වූ අතර තොග ගැනුම්කරුවන්ගේ පැමිණීමට පහළ ගියේය.

එළවළු ඉල්ලුම ඉහළ ගොස් තිබෙන අතර වගාවෙන් ගොවීන් ඉවත්වීම තොග වෙළෙඳපළට සැපයුම පහළ යෑමට බෙහෙවින්ම බලපා තිබෙන බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් අයි. ජී. විජයානන්ද මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) පැවැසීය.

උඩරට, පහතරට, ඌව, වයඹ, යාපනය කලාපවලින් දෛනිකව දඹුල්ල තොග වෙළෙඳපළට එළවළු කිලෝ ලක්ෂ 20කට අධික ප්‍රමාණයක් ලැබෙන අතර මේ දිනවල එළවළු කිලෝ දස ලක්ෂයට අඩු ප්‍රමාණයක් ලැබෙන බව තොග වෙළෙන්දෝ පැවැසූහ. ලැබෙන එළවළු තොග මිලදී ගැනීමේදී පවතින තරගාකාරිත්වය නිසා එළවළු තොග මිල ඉහළ ගොස් තිබේ.

පසුගිය සතියේදී රුපියල් 200ට අඩු තොග මිලක් පැවැති එළවළු ගණනාවක තොග මිල ඊයේ රුපියල් තුන්සියය ඉක්මවා ගියේය. මුරුංගා කිලෝවක තොග මිල රුපියල් 500ත් 550ත් අතර මිලක පැවැතිණි.

උඩරට කොළ බීට් බෝංචි සහ කැරට් කිලෝවක තොග මිල රුපියල් 350ත් 400ත්, ලීක්ස් කිලෝවක් 180ත් 220ත්, තක්කාලි කිලෝවක් 140ත 1650ත් අතර තොග මිලකට අලෙවි විය.

නෝකෝල් කිලෝවක් 240ත් 270ත්, රාබු කිලෝවක් 100ත් 120ත් වම් බටු කිලෝවක් 170ත් 210ත් දඹල කිලෝවක් 250ත් 300ත් මෑ කරල් කිලෝවක් 250ත් 280ත්, අමු මිරිස් කිලෝවක් රුපියල් 600ත් 700ත් මාළු මිරිස් කිලෝවක් රුපියල් 250ත් 300ත් අතරත් තොග මිලක පැවැතිණි.

කිලෝවක තොග මිල රුපියල් සියයක අඩු මිලක කැකිරි, පිපිඤ්ඤා, වට්ටක්කා, කෙසෙල් මුව ඇතුළු එළවළු කීපයක් පැවැතිණි.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment