මුතු රාජාගේ ගුවන් ගමන ලෝකයේම අවධානයට

931

මුතුරාජා හස්තියා කටුනායක සිට තායිලන්තයට යන ගුවන් ගමන ලෝකයේම අවධානයට ලක්විය. එම රුසියානු ගුවන් යානයේ ගමන ඊයේ දිනයේ වැඩියෙන්ම නිරීක්ෂණය කළ පියාසැරිය ලෙස වාර්තා විය.

කටුනායක ගුවන්තොටුපළේ කාර්යභාර නිලධාරියා පැවසුවේ මුතු රාජා රැගත් යානය ඊයේ පෙරවරු 7.30ට තායිලන්තය බලා පිටත්ව ගිය බවයි. එම අවස්ථාව දැක ගන්නට මුතු රාජාට ආදරය කරන විශාල පිරිසක් දෙහිවල සත්වෝද්‍යානයට මෙන්ම කටුනායක ගුවන්තොටුපළට ද පැමිණ සිටියහ. 2001 වසරේ තායිලන්ත රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතු රාජා අලුත්ගම කන්දේ විහාරය භාරයේ සිටියදී හිංසනයට ලක් වූ බවට වාර්තා වීමෙන් පසු මුතු රාජාට අවශ්‍ය ප්‍රතිකාර සහ රැකවරණය ලබාදීම සඳහා යළි රැගෙන යෑමට තායිලන්ත රජය විසින් පියවර ගනු ලැබුවේය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment