සා. පෙළ ප්‍රතිඵල  තව සති දෙකකින් – අධ්‍යාපන ඇමැති

523

2022 වසරට අදාළව පැවැති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තව සති දෙකකින් නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (06 දා) පැවසීය.

2023 වසරට අදාළ උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 ආරම්භ වී ජනවාරි 31 අවසන් වන බවත් එම වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි මස පැවැත්වීමට කටයුතු කරන බවත් ජනාධිපති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා පැවසීය.

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් කරන සිසුන්ගේ ප්‍රතිඵල පැමිණෙන තෙක් එම සිසුන් සඳහා මාස 4 ක් පමණ මාර්ගෝපදේශ වැඩසටහනක් පැවැත්වීමට ද එහිදී තොරතුරු තාක්‍ෂණය, ඉංග්‍රීසි භාෂාව ඇතුළු වෘත්තීය පුහුණු වැඩසටහන් පැවැත්වීමට ද කටයුතු කරන බව ඇමැතිවරයා කීය.

අයවැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 237 ක් වෙන්කර ඇති බවත් එය අධ්‍යාපනයට ප්‍රමාණවත් නැති බවත් වෘත්තීය සමිති පැවසුව ද පළාත් සභා, අධ්‍යාපනය සඳහා, පළාත් සභා හා පළාත් පාලන අයවැයෙන් ද මුදල් වෙන්කර ඇති බවත් එම මුදල්වලින් ද සියයට පනහකට වැඩි මුදලක් අධ්‍යාපනයට වෙන්වනු ඇති බවත් ඇමැතිවරයා පැවසීය. එම නිසා අධ්‍යාපනයට වෙන්කරන සම්පූර්ණ මුදල අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු දැනගත හැකි බව ද ඇමැතිවරයා කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment