දෙවැනි වාරිකයට සාකච්ඡා ධනාත්මකයි – වැ.බ. මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ

68

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබාගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්ථක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

එසේම දෙවැනි වාරිකය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු කාර්ය මණ්ඩල එකඟතාව ලබා ගැනීමේ සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජර්මන් නිල සංචාරයෙන් පසුව සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.

ඇමැති සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (28දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment