නව ආර්ථික තීරණ සඟරුවන හමුවට

93

මෙම අවස්ථාවේදී ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ආර්ථිකමය තීරණ සම්බන්ධයෙන් මහා සංඝරත්නය, ජාතිකවාදී කඳවුර සහ වෘත්තීය සමිති සමග විධිමත් සංවාදයක් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනා කර ඇත.

21 වැනිදා සවස ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්‍ෂ මහතා අතර පැවති සාකච්ඡාවකදී එම යෝජනාව කර ඇති අතර ජනාධිපතිවරයා විසින් එම යෝජනාව පිළිගෙන ඇත. ඉදිරි මැතිවරණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව එම සාකච්ඡාව පවත්වා ඇති අතර එහිදී බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම අවස්ථාවේදී මහ මැතිවරණයක් පැවැත්වීමට වැඩි නැඹුරුතාවයක් දක්වන බවයි. ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි. එහිදී තවදුරටත් අදහස් දක්වා ඇති බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් අවසන් පිළිතුරක් එම සාකච්ඡාවේදී අපේක්‍ෂා නොකරන බවත්, මහජන මතයත් ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්මත් සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත යුතු බවත්ය.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment