නිව්යෝර්ක් උසාවිය ලංකාවේ ඉල්ලීම ඉවත දමයි

430

හැමිල්ටන් රිසර්ව් බැංකුවේ බැඳුම්කර නඩුව ඉදිරියට

ඩොලර් මිලියන 257 ක බැඳුම්කරයක් සහ අදාළ පොලී මුදල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ශ්‍රී ලංකා රජයට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් නිෂ්ප්‍රභ කිරීම නිව්යෝර්ක් දිස්ත්‍රික් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ගොනු කරන ලද පැමිණිල්ල ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රජය මෝසමක් ඉදිරිපත් කර තිබූ අතර එය දිස්ත්‍රික් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. ආර්ථික අර්බුදයකින් පීඩා විඳින රාජ්‍යයකට එරෙහිව මෙසේ එක් බැංකුවක් නඩු පවරා ඇත්තේ අනෙකුත් ණය හිමියන්ට වඩා විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තුවෙන් නිසා බව පවසමින් මෙම නඩුව ඉවත දමන ලෙස ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කර තිබිණ.

ශ්‍රී ලංකාවේ ණය පැහැර හැරීම සම්බන්ධයෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුවේ නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මේ මෝසම ගොනුකර තිබුණේ පසුගිය වසරේය. කැරිබියන් දූපත්වල ශාන්ත කිට්ස් සහ නෙවිස් හි පිහිටි හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් තම බැඳුම්කර ආපසු ගෙවීම ශ්‍රී ලංකා රජය අසමත් වීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිණි.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර 2022 ජූලි 25 දා ගෙවීමට නියමිතව තිබුණි.

අධිකරණය ලබාදුන් එම තීන්දුවට අනුව ශ්‍රී ලංකා රජය අදාළ මුදල ගෙවිය යුතු ද යන්න තීරණය කිරීමට අදාළ නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට නියමිතය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment