රටේ බංකොලොත්භාවය ගැන තේරීම් කාරක සභාවේ අදහස් දැක්වූවේ වරද යළි නොවන්නට මිස වෛරය, ක්‍රෝධය පැතිරවීමට නොවේ

123

එජාප සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සමාජ මාධ්‍ය චෝදනා ගැන කනගාටු වෙනවා :

රට බංකොළොත් බවට ප්‍රකාශ කළ නිලධාරීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ තමා අදහස් දැක්වූයේ දේශපාලනඥයන් හෝ රාජ්‍ය නිලධාරීන් අතින් සිදුවූ වැරැදි නිවැරදි කිරීමට මිස වෙනත් වෛරය හෝ ක්‍රෝධය පැතිරවීමේ අදහසින් නොවේ යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (20 දා) පැවසීය.

අපට දැන් කළ හැක්කේ ඉතිහාසයේ සිදුවූ වැරැදි නිවැරදිකර අනාගතයේ එසේ නොවීමට වගබලා ගැනීම පමණක් යැයිද අබේවර්ධන මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (20 දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

පාර්ලිමේන්තු කමිටුව හමුවේ තමා විසින් 2022 අප්‍රේල් 8 වැනි දින වත්මන් ජනපති එවකට පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශය පිළිබඳ විශේෂ අවධානය යොමුකර විටින් විට ප්‍රකාශ නිකුත් කළ බවද ඒ මහතා කීය.

රටක් බංකොළොත් වූ පසු එම රට ගොඩගැනීම සඳහා සිදුවූ වැරැදි නිවැරදි කර ගනිමින් ඉදිරියට යායුතුව ඇති බවත් එයට වෛරය, ක්‍රෝධය තමාට ඇතැම් සමාජ මාධ්‍යවල එල්ල කරන චෝදනාවලට කනගාටු වන බවත් අබේවර්ධන මහතා කීය.

චැනල් ෆෝ සිද්ධිය මුල්කරගෙන වුවත් පක්‍ෂ විපක්‍ෂ වාද කිරීම තුළින් අසමගිය ඇතිවන බවත් සියලු දෙනා එක්ව කටයුතු කර බෙදීමකින් තොරව එකඟතාවයක් ඇතිකර ගනු ලැබුවහොත් එය ජාතියේ එකඟතාවක් බවත් ඒ මහතා කීය. වසර 75ක් තිස්සේ බෙදීම් ඇතිකරගත් නිසා රට මේ තත්ත්වයට පත්ව ඇති බවත් තවත් බෙදීම්වලට යෑම තුළින් රටට තවදුරටත් හානියක් විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

තේරීම් කාරක සභාවේ ප්‍රකාශ මුල්කරගනිමින් විකෘති කරන ලද ප්‍රකාශ නිකුත් කිරීම තුළින් මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට අපහාස සිදුවීම පිළිබඳ තම කනගාටුව ප්‍රකාශ කරන බවද අබේවර්ධන මහතා පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment