මහජන බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් අපනයන කේන්ද්‍ර (Export Hubs) පිහිටුවයි

98

ප්‍රථම ‘අපනයන කේන්ද්‍රය’(Export Hub) මහජන බැංකුවේ නුගේගොඩ ශාඛාවේදි විවෘත කෙරේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව, සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට එකම වහලක් යට සියලු පහසුකම් සැලසීම සඳහා අපනයන කේන්ද්‍ර (Export Hub) හඳුන්වා දෙයි.

ඒ අනුව මහජන බැංකුවේ පළමු අපනයන කේන්ද්‍රය නුගේගොඩ ශාඛාවේදි පසුගියදා විවෘත කෙරිණි. ආරම්භයේදි දිවයින පුරා ප්‍රාදේශික 7ක පිහිටි ශාඛා 7ක අපනයන කේන්ද්‍රයන් පිහිටුවනු ඇත.

මේ තුළින් විශේෂ මුල්‍ය අනුපාත, බැංකු පහසුකම්, ඇපකර පහසුකම්, උපදේශන සේවා, පරිපූරක සේවා සහ අපනයනකරුවන් සහ ආනයනකරුවන් සඳහාම නිර්මාණය කර ඇති ඩිජිටල් බැංකු පහසුකම් (ආයතනික අන්තර්ජාල බැංකුකරණය) ඇතුළුව පූර්ණ මුල්‍ය විසඳුම් පිරිනැමීම විශේෂත්වයකි.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘නව රැකියා අවස්ථා උත්පාදනය කරමින්, නව්‍යකරණයන්හි නිරත වෙමින් සහ ආර්ථික වර්ධනයට සහය වෙමින් අපේ රටේ අනාගතය හැඩගස්වාලීමේලා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනවා. ශ්‍රී ලංකාවේ ව්‍යවසායන්ගෙන් 75%කට අධික ප්‍රමාණයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වනවා. අපගේ අපනයනවලට ඔවුන් 20%කට වඩා වැඩි ප්‍රතිශතයක් සඳහා දායක වී, රැකියාවලින් 45%ක් සහ අපගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%ක් සපයනවා. රජයේ බැංකුවක් ලෙස අපි ව්‍යවසායකයින්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවයන් අවබෝධ කරගෙන සිටින අතර, මෙම නව සංකල්පය හරහා ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම අපගේ අරමුණයි’

මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ක්ලයිව් ෆොන්සේකා මහතා, ගනුදෙනුකරුවන්ට ඉහළ හා උසස් තත්ත්වයේ සේවාවක් පිරිනැමීමේ අරමුණින් අපනයන කේන්ද්‍රවල සේවාවේ නියුතු අපගේ කාර්ය මණ්ඩලයට මනා පුහුණුවක් හා විශේෂඥ දැනුමක් ලබා දී තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය දියුණු වීම නිසා වැඩි දේශීය රැකියා ප්‍රමාණයක් බිහිවනු ඇති අතර, තිරසර ලෙස විදේශ මුදල් ගලා ඒම හරහා ඔවුන් අපේ රටේ ආර්ථිකයටද දායක වනු ඇත. මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වෙළඳ මුල්‍ය) ඒ.එස්.එම්.වී. කුමාරසිරි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) වික්‍රම නාරායන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ) ටී.එම්.ඩබ්ලිව්. චන්ද්‍රකුමාර, අලෙවි ප්‍රධානී නාලක විජයවර්ධන යන මහත්වරුන්, විධායක කළමනාකාරිත්වය, බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment