මිනිස් සිරුරු කොම්පෝස්ට් කරන්න නිව්යෝර්ක් ප්‍රාන්තයත් අවසර දෙයි

232

මිනිස් සිරුරු කොම්පෝස්ට්කරණයට ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ අනුමැතිය හිමිව තිබේ.

මරණයෙන් පසු සිය සිරුර පස්වලට හැරවීමට අමෙරිකානුවන්ට දැන් අවසර තිබේ. එය භූමදානය හෝ ආදාහනය සඳහා වඩාත් පරිසර හිතකාමී විකල්පයක් ලෙස සැලකෙයි. ‘ස්වාභාවික කාබනික හායනය’ ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලිය හරහා සිරුර බඳුනක දමා වසා සති කීපයක් දිරාපත් වීමට ඉඩ හරියි.

2019 දී මෙය නීතිගත කළ පළමු එක්සත් ජනපද ප්‍රාන්තය වොෂින්ටනය විය. අනතුරුව කොලරාඩෝ, ඔරිගන්, වර්මොන්ට් සහ කැලිෆෝනියාව එය අනුගමනය කළේය. මෙහිදී ශරීරය දැව පතුරු, ඇල්ෆැල්ෆා (සතුන්ට ආහාර සඳහා ලබාදෙන තෘණ වර්ගයක්) සහ පන් වැනි තෝරාගත් ද්‍රව්‍ය සමග සංවෘත බඳුනක බහා ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය යටතේ ක්‍රමයෙන් හායනය කෙරෙයි. මසකට පමණ පසු ඕනෑම රෝගකාරකයක් විනාශ කිරීම සඳහා එය පිළිස්සීමෙන් අනතුරුව ඉතිරිවෙන පස අදාළ මියගිය තැනැත්තාගේ ආදරණීයයන් වෙත ලබාදෙයි. මේ පස මල් පැළ, එළවළු පැළ හෝ රුක් රෝපණය සඳහා යොදාගත හැකිය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment