දුම්රියේ ගැටී තරුණියක් මරුට

195

ජංගම දුරකථනයෙන් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වී ඇත.
දුම්රියේ ගැටී මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි ජෙගනාදන් මෙකා නැමති 17 හැවිරිදි තරුණියකි.

ඇය ඊයේ සවස තරුණිය හැටන් කොටගල නගරයට ගොස් ආපසු දුම්රිය මාර්ගය දිගේ ජංගම දුරකථනයෙන් කතා කරමින් නිවස කරා පැමිණෙන අතරතුර හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි අඩි 60 පාලම අසල දී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියේ ගැටී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලීසිය පරික්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment