අවුරුදු 21 න් පහළ හොකී කණ්ඩායම් තෝරා ගැනීමට පියවර

42

ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ අවුරුදු 21 න් පහළ පිරිමි සහ කාන්තා හොකී කණ්ඩායම් තෝරා ගැනීම අදියර කිහිපයක් යටතේ සිදු කිරීමට ශ්‍රී ලංකා හොකී සම්මේලනය පියවර ගෙන තිබේ.

එහි මුල් පියවර ලෙස කලාප කිහිපයක් යටතේ සුදුස්සන් තෝරා ගැනීමේ පරීක්ෂණ තරග පැවැත්වේ. ඉන් අනතුරුව ජාතික කනිෂ්ඨ පුහුණු සංචිතය නම් කෙරේ.

2003.01.01 දින හෝ ඊට පසුව උපත ලබා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙම තෝරා ගැනීමේ පරීක්ෂණය සඳහා සහභාගි විය හැකිය. මෙහි මුල්ම කලාප පරීක්ෂණය දෙසැම්බර් 02 සහ 03 දෙදින පෙ. ව. 8.00 ට කොළඹ රීඩ් මාවතේ පිහිටි කෘත්‍රිම ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ඒ සඳහා වෙළෙඳ සේවා සංගමය, කොළඹ සංගමය සහ කළුතර සංගමය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට වාර්තා කළ හැකිය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment