රත්නපුර දරුවෙක් අතුරුදන්

381

රත්නපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක නමවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි සිසුවෙකුගේ හදිසි අතුරුදහන් විමක් ගැන රත්නපුර මුලස්ථාන පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

අලුත්වත්ත කපුගේ නුවන්ත ලක්ෂාන් අබේරත්න නම් මෙම සිසුවා ඉකුත් 25 වනදා අළුයම නිවෙසින් බැහරව ගොස් ඇතැයි පරික්ෂණවලදි හෙළිවි ඇත. ඔහු නිවෙසින් පිටවි යන ආකාරය ආරක්ෂිත කැමරාවලද සටහන් වි ඇතැයි පොලිසිය පවසයි.

තම පුතු කිසිදු ගැටළුවකින් තොරව නිවසේ සිටි බවත් නිවෙස හැරයැමට හේතුවක් නොවු බවත් ඔහුගේ පියාවන දැනට මඩකලපුව පොලිසියේ රාජකාරි කරන පොලිස් නිලධාරීයා රත්නපුර පොලිසියට පවසා තිබේ . සහෝදරියන් දෙදෙනා සහ මව සමග සුහදව ආදරයෙන් සිටි ලක්ෂාන් ගේ මෙම අතුරුදහන් විම ගැටළුවක් බව පවුලේ අය කියයි

රත්නපුර ශාන්ත ඇලෝසියස් ව්දුහලේ නමවැනි වසර ඩි පන්තියේ ඉගෙනුම ලද ලක්ෂාන් කොරොනා වසංගත තත්ත්වය නිසා නිවසේ සිට මාර්ග ගත ඉගෙනුම් වලට යොමු වි සිටි බව දෙමාපියන් පවසති.
තම දරුවාගේ අතුරුදහන් විම ගැටළුවක් බැවින් ඒ ගැන විමර්ශනයක් කරන මෙන් දෙමාපියන් පොලිසියෙන් ඉල්ලිමක් කර තිබේ. සිසුවා ගේ මිතුරන් ගෙන් ද කරුණු ව්මසා ඇතත් මෙතෙක් ඔහුගැන තොරතුරක් රත්නපුර මුලස්ථාන පොලිසිය වෙත ලැබි නැත.

advertistmentadvertistment
advertistmentadvertistment