‘යුක්තිය’ වනාතේ චුට්ටං පසුපසත්

1448

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රංග ප්‍රසාද් ගුණසේකර නොහොත් ‘වනාතේ චුට්ටං’ නැමැත්තා නීති විරෝධී අයුරින් උපයන ලද රුපියල් කෝටි හතරකට අධික මුදලකින් මිල දී ගත් බව කියන දේපොළ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන සිදු කිරීමට නියමිත ව ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. ඔහු සතුව තිබූ රුපියල් කෝටියකට අධික වටිනා ටොයොටා ඇක්වා වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.වැඩ බලන පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමී ව මෙම වැටලීම සිදු කර තිබේ.පොලිස් භාරයට ගත් සුඛෝභෝගී මෝටර් රථය, සැකකරු ඔහුගේ බිරිඳගේ නමින් මිල දී ගෙන ඇති අතර, රුපියල් කෝටි තුනක් පමණ වටිනා සුඛෝපභෝගී නිවස බොරැල්ල මැගසින් පාරේ ඉදිකර ඇතැයි පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment