කිලෝ මීටර් 30 මාර්ග ධාවන තරගය – ශූරයා යුද හමුදාවෙන් ශූරිය ගුවන් හමුදාවෙන්

151

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සමාජයේ මෙහෙයවීමෙන් ඊයේ (26 වැනිදා) පෙරවරුවේ කොළඹ දී ක්‍රියාත්මක කෙරුණු කිලෝ මීටර් 30 ක මාර්ග ධාවන තරගයේ පිරිමි ශූරතාව තහවුරු කර ගැනීමට යුද හමුදාවේ ආර්.එම්.එස්. පුෂ්ප කුමාර සමත් විය.

පුෂ්පකුමාර ට නියමිත දුර ප්‍රමාණය නිමා කිරීම සඳහා ගත වූ කාලය පැය 01.42.07 කි.

එකී දෙවන ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ ටී. ඩබ්ලිව්. රත්නපාල (පැය 01.42.23) සමත් වන අතර වාරයේදී එම්. සිවරාජන් (පැය 01.43.14) හට තෙවන ස්ථානය හිමි විය.

එහි කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ එම්.එම්.එස්.පී.එම්. පෙරේරා සමත් වූවාය. නියමිත දුර ප්‍රමාණය නිමා කිරීම සඳහා ඇයට ගත වූ කාලය පැය 01.56.59 කි.

එකී දෙවන ස්ථානය යුද හමුදාවේ එච්.එම්.ඩබ්ලිව්.ජී.ඩබ්ලිව්.එම්. හේරත් (පැය 02.01.15) තහවුරු කර ගත් අතර පැය 02.02.53 ක කාලයකින් තරගය අවසන් කළ ගුවන් හමුදාවේ ඒ.එන්.එල්. ආරියදාසට තෙවැනි ස්ථානය හිමි විය.

ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන හොංකොං මැරතන් තරගය, බංග්ලාදේශ මැරතන් තරගය සහ වියට්නාම් මැරතන් තරගය සඳහා සහභාගි කරවන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තෝරා ගැනීමේ පරීක්ෂණයක් ලෙස මෙම තරගය පැවැත්විණි.

පිරිමි තරග ප්‍රතිඵල

  1. ආර්.එම්.එස්. පුෂ්ප කුමාර පැය (01.56.59)
  2. ටී.ඩබ්ලිව්. රත්නපාල (පැය 01.42.23)
  3. එම්. සිවරාජන් (පැය 01.43.14)
  4. ආර්. ඩී. එන්. එස්. කරුණාරත්න (පැය 01.43.37)
  5. ඩබ්ලිව්. එම්. එස්. කුමාර (පැය 01.45.17)

කාන්තා තරග ප්‍රතිඵල

  1. එම්. එම්. එස්. පී. එම්. පෙරේරා
  2. එච්. එම්. ඩබ්ලිව්. ජී. ඩබ්ලිව්. එම්. හේරත් (පැය 02.01.15)
  3. ඒ. එන්. එල්. ආරියදාස (පැය 02.02.53)
  4. ඒ. එල්. එස්. ඩී. ලියනගේ (පැය 02.03.43)
  5. ඩබ්ලිව්. එම්. එන්. නිදර්ෂනා (පැය 02.07.13)
    අනුරුද්ධ හේරත් බණ්ඩාර
advertistmentadvertistment
advertistmentadvertistment