සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂලත් අත්අඩංගුවට

147

බත්තරමුල්ල කොස්වත්ත සමගි මාවත ප්‍රදේශයේ දී සිදුවූ පහරදීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල මහතා තලංගම පොලිසිය මගින් ඊයේ (11 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

පියත් නිකේෂල මහතා තමන්ට පහර දුන් බවට කඩුවෙල නගර සභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය සඳහන් කරයි.

පියත් නිකේෂල මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් උප නගරාධිපතිවරයාව ද පෙරේදා (10 වැනිදා) තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

උප නගරාධිපතිවරයා ද මුල්ලේරියාව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව දෙදෙනාම දැනට පොලිස් ආරක්‍ෂාව යටතේ සිටිති.

අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමන් මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි මොටර් රථයක සිටි අයකු තම වාහනයේ රථය ගැටීමට සලස්වා අනතුරක් කිරීමට උත්සාහ කළ බවකි.

එහිදී දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇතිවූ බව හිටපු උප නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment