කොළඹ ප්‍රෙස්බිටීරියන් බාලිකාවෝ බස්නාහිර පළාත් ප්‍රථම ස්ථානයෙන් අවසන් තරගයට සුදුසුකම් ලබති

89

සමස්ත ලංකා පාසැල් නර්තන තරගාවලිය – 2023 සඳහා පවත්වන ලද බස්නාහිර පළාත් පාසල් නර්තන කණ්ඩායම් අතර පැවැති තරගාවලියෙන් කොළඹ 10, ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයීය නර්තන කණ්ඩායම ඉදිරිපත් කරන ලද තේ කර්මාන්තය ඇසුරින් නිර්මාණය කරන ලද නර්තන අංගය ප්‍රථම ස්ථානය දිනා සමස්ත ලංකා අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදී.

මෙම නර්තනාංගය පුහුණු කරන ලද්දේ විද්‍යාලයීය නර්තන ආචාරිනී මාලි ද සිල්වා මහත්මිය විසින් වන අතර මෙම ජයග්‍රහණය සඳහා වත්මන් විදුහල්පතිනිය තමරා දිසානායක මහත්මියගේ මාර්ගෝපදේශකත්වය මහත් පිටිවහලක් විණි. මෙම තරගාවලියේම ඒකල අංශයේ විහාරමහදේවි චරිත නිරූපණය සඳහා සහභාගිවූ හංසනී නිමංසා රත්නායක ශිෂ්‍යාව දෙවන ස්ථානය දිනා ගන්නා ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment