ධනුෂ්ක ගුණතිලකට සහනයක්

3457

ඔස්ට්‍රේලියාවේදී ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට තවත් සහනයක් ලබාදීමට එරට අධිකරණය තීරණය කර තිබේ.ඒ අනුව මෙම සහනය හරහා ධනුෂ්ක ගුණතිලක හට ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවසර හිමිව ඇත.මෙලෙස සංචාරයන් හි නිරතවීමේදී ධනුෂ්කට ඔස්ට්‍රේලියාව තුළ ගුවන් සංචාරයන් හි නිරත වීමට ද අවසර ලැබී තිබේ.එක් මාසයකදී ඔහුට එරට අභ්‍යන්තර ගුවන් සංචාරයන් දෙකක් සිදුකිරීමට ඒ අනුව අවසර හිමිවනු ඇත.අදාළ නඩු විභාගය සිඩ්නි ඩවුනින් සෙන්ටර් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ඔහුට එරෙහි ඇප කොන්දේසි ලිහිල් කිරීමට මෙලෙස අධිකරණය තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඔහුට සතියකට දින තුනක් පොලිසියට පැමිණ වාර්තා කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment