කුරුන්දි විහාරවංශය දොරට වැඩුමේ උළෙලේදී තරංග රත්නවීරට සම්මානයක්

119

මුලතිව්, කුරුන්දි විහාරස්ථානයේ වත්මන් ප්‍රතිසංස්කරණය ඇතුළු ඓතිහාසික වටිනාකම පිළිබඳ රචිත කුරුන්දි විහාරවංශය ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉකුත් 07 දා සිදුවිය.

හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ සංකල්පයකට අනුව රජරට හා පේරාදෙනිය විශ්වවිද්‍යාලවල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර හා සුමේධ වීරවර්ධන යන මහත්වරුන්ගේ සංස්කරණයෙන් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

කුරුන්දි විහාරවංශය දොරට වැඩුමේ උළෙලේදී තරංග රත්නවීරට සම්මානයක්

එම උළෙලේදී මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත එම කෘතිය පිළිගැන්වූ අයුරු හා කුරුන්දි විහාරය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් සිදුකළ මාධ්‍ය මෙහෙවර අගයමින් ඉරිදා දිවයින මාධ්‍යවේදී තරංග රත්නවීර මහතා වෙත මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමිපාණන් විසින් සම්මානයක් පිරිනැමූ අයුරු.

ඡායාරූප – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment