තනි රෝද යතුරු පැදියේ මුහුණට මුහුණ ගැටුණු  යතුරුපැදියකරු මරුට – අනෙකාට බරපතළ තුවාල

387

බෝකුන්දර අයිසීසී මාර්ගයේදී තරුණයෙකු තරඟයට පැදවූ යතුරුපැදියක් සහ තනි රෝදයෙන් තරුණයෙකු පැද වූ යතුරු පැදියක් පෙරෙදා 14 සවස මුහුණට මුහුණ ගැටීමෙන් එක් තරුණයෙකු මිය ගොස් අනෙක් තරුණයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව පිලියන්දල පොලිසිය කියයි’

තනි රෝද යතුරු පැදියේ මුහුණට මුහුණ ගැටුණු  යතුරුපැදියකරු මරුට - අනෙකාට බරපතළ තුවාල

අනතුරින් මියගොස් ඇත්තේ තරඟයට යතුරුපැදිය පැදවූ පිලියන්දල පැලවත්ත ගොරකපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පවන් හේශාන් නමැති අවුරුදු 19 වයසැති තරුණයෙකි’ බරපතළ තුවාල ලද අනෙක් තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත’

මියගිය තරුණයා මිතුරකුගෙන් ඉල්ලාගත් යතුරුපැදියක් භාවිතා කරමින් තවත් තරුණයෙක් සමග බෝකුන්දර අයිසීසී මාර්ගයේ සිට හොරණ කොළඹ මාර්ගයේ දෙසට අධික වේගයෙන් ධාවනය කිරීමේදී මියගිය තරුණයා ඉදිරියෙන් යතුරුපැදිය ධාවනය කර ඇති අතර ඔහු ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයකට ඉස්සර කර මදක් ඉදිරියට යෑමේදී ඔහුගේ

සමීපතම මිතුරෙකු තනි රෝදයෙන් විරුද්ධ දිශාවේ සිට ඉදිරියට යතුරුපැදිය ධාවනය කර ඇති අතර එම යතුරුපැදිය මාර්ගයේ දකුණු දෙසට ඇදී යෑමේදී යතුරු පැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි’ යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරුව තරඟයට සහභාගි වූ යතුරුපැදියේ සිටි තරුණයාගේ යතුරු පැදිය ඔහුත් සමග මීටර් තිහක් පමණ මාර්ගය දිගේ ඇදී ගොස් නැවතී ඇතැයි පොලිසිය කියයි’ අනතුරක් සමඟම වහා ක්‍රියාත්මක වූ සෙසු තරුණයන් බරපතළ තුවාල ලබා සිටි තරුණයන් දෙදෙනා වේරහැර කේඩීයූ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගනු ලැබ ඇතැයි පොලිස් නිලධාරියෙකු පැවසීය’ ඒ වන විටත් එම තරුණයා මිය ගොස් සිට ඇතැයි පොලිසිය කියයි’ අනතුරින් පසු මේ දක්වා මියගිය තරුණයා පැදවූ යතුරුපැදිය අතුරුදහන්ව ඇතැයිද පොලිසිය කියයි’

අනෙක් යතුරුපැදිය (තනි රෝදයේ) බෝකුන්දර ප්‍රදේශයේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයකට බාරදී තිබියදී ඊයේ පෙරවරුවේ සොයාගත් බව පොලිසිය කියයි’ මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතය’

පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විශ්වනාත් මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලක්මිණ” පොලිස් සැරයන්31505 සරත්චන්ද්‍ර” කොස්තාපල්වරුන් වන 84752 ධර්මවර්ධන” 82498ශෂික හා ඉෂාර මහත්වරු පරීක්ෂණ පවත්වති’

කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment