ෂකීබ් යළිත් බංග්ලාදේශ විස්සයි විස්ස නායකත්වයට

132

බංග්ලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් කාණ්ඩායමේ නායත්වය තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල්හසන්ට ලබා දීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන නවසීලන්ත සංචාරයේදී මෙන්ම ආසියානු කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය මෙහෙයවීමේ වගකීම ෂකීබ් වෙත පැවරී තිබේ.

 ෂකීබ් බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා බවට පත්වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2009 වසරේදී විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙසින් ෂකීබ් පත් කෙරුණු අතර එම කාලය තුළදී තරග 4කට නායකත්වය ලබාදී තිබේ. අනතුරුව 2017 වසරේදී නැවතත් නායකත්වයට පිවිසි ෂකීබ් එහිදී තරග 21කට නායකත්වය ලබාදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment