සෞඛ්‍යය පිල්ලි හොයන්නලු

46

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සෞඛ්‍යයට වෙන් කරනු ලැබූ ඩොලර් මිලියන සියයක් අවභාවිත වී ඇති බවට තොරතුරු අනාවරණයවීම පිළිබඳව සහ තත්ත්වයෙන් බාල ඖෂධ ලබාගත් රෝගීන්ට සිදුවූ අසාධාරණ ඉරණම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

දැවැන්ත ආර්ථික අර්බුදයක් පැවති අවස්ථාවේදී සෞඛ්‍ය පද්ධතියේ ඖෂධ හිඟය කළමනාකරණය කර ගැනීමට බව පවසමින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන සියයකට අධික මුදලක් ලබාගෙන ඇතත් එම මුදලට සරිලන ඖෂධ තොග මෙරටට ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව විවෘත අධිකරණයේදී අනාවරණය වී ඇති බවද එම සන්ධානය සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට පවසා තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment