විකිණිල්ලට එරෙහිව වෘත්තිය සමිති සටනට

155

ආණ්ඩුව විසින් සිදුකිරීමට යන විදුලිබල, බැංකු, රක්ෂණ, ටෙලිකොම්, තැපැල් පෞද්ගලීකරණයට එරෙහි ඒකාබද්ධ ක්‍රියාමාර්ග රැසකට අවතීර්ණ වීමට වෘත්තීය සමිති ගණනාවක් තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මේ සතියේ දී ආරම්භ වීමට නියමිතය.

විවිධ දේශපාලන පක්ෂවලට අනුබද්ධ වූ සහ දේශපාලන පක්ෂවලට අයත් නොවූ විවිධ වෘත්තීය සමිතිවලින් සැදුම්ලත් ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති අතර මෙලෙස සාකච්ඡාවක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බව එම වෘත්තීය සමිති නායකයෝ පවසති.

එම වෘත්තීය සමිති අතරට ලංකා බැංකු සේවක සංගමය, ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ, ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ, ශ්‍රී ලංකා විදුලි සංදේශ සියලු සේවක සංගමය, ලංකා විදුලි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරීවරුන්ගේ සංගමය, රක්ෂණ පොදු සේවක සංගමය සහ එක්සත් පොදු සේවක සංගමය ඇතුළත්ය. එහි මූලික සාකච්ඡා ලබන 28 වැනිදා තැපැල් ශ්‍රවණාගාරයේදී සිදු කෙරෙයි. මේ වන විට විදුලිබල, බැංකු, රක්ෂණ, ටෙලිකොම් සහ තැපැල් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක වෘත්තිය සමිති එම සාකච්ඡාවට එකඟතාව පළ කර ඇත. පුද්ගලීකරණ ක්‍රියාවලිය සඳහා කිසිදු ජනතා ස්වාධිපත්‍යයක් මේ ආණ්ඩුවට හෝ පැවැති ආණ්ඩුවට හිමිවී නැති බව පවසන වෘත්තිය සමිති එය මහජන ස්වාධිපත්‍යයට සහ රටේ ස්වෛරීත්වයට පටහැනි ක්‍රියාවක් බව සඳහන් කරයි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment