ඕනෑවට වඩා වැඩි ඖෂධ සැපැයුම් ඒකකය එපා කියයි

327

නියමිත ටෙන්ඩර් පටිපාටිය යටතේ ගෙන්වන ලද රුපියල් මිලියන ගණනාවක වටිනාකමින් යුත් ඖෂධ තොග බොහොමයක් භාර ගැනීම වෛද්‍ය සැපයුම් ඒකකයේ නව පරිපාලනය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

රටට අවශ්‍ය කරන ඖෂධ ඇනවුම් ප්‍රමාණයට වඩා වැඩි ඇනවුම් ප්‍රමාණයක් අදාළ ටෙන්ඩර් මගින් මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බැවින් එම අතිරේක ඖෂධ තොග සඳහා තමනට වගකීම භාර ගත නොහැකි බව වෛද්‍ය සැපයුම් ඒකකය දැනුම් දී තිබේ.

උද්ගතව ඇති තත්ත්වය මත මෙරටට ගෙන්වන ලද මිලියන ගණනාවක වටිනාකමින් යුත් ඖෂධ තොග වෛද්‍ය සැපයුම් ඒකකය විසින් භාර නොගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා හා සෞඛ්‍ය ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට සැපයුම්කරුවන් අවස්ථාවක් ඉල්ලා ඇතත්, එය මේ දක්වා ලබාදී නැතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment