සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව කුරුණෑගලින් ඇරැඹෙයි

45

උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පත BOC රන් කැකුළු සහ කැන්ඩොස් චොක්ලට් එක්ව සංවිධානය කරනු ලැබූ සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය ඊයේ (28 දා) කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේදී පැවැත්විණ.

ආරාධිත පාසල් තුනක් මෙම සම්මන්ත්‍රණය වෙනුවෙන් සහභාගී වූ අතර මෙහි දේශන මෙහෙයවීම ආරක්ෂක සේවා විද්‍යාලයේ ආචාර්ය ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක අමිල ප්‍රසාද් ජයසේකර මහතා විසින් සිදුකළ අතර මෙයට සමගාමීව දෙමව්පිය දැනුවත් කිරීමේ දේශනය ප්‍රවීන නාට්‍යවේදිනී ගුරු උපදේශිකා ප්‍රියංවදා ගොඩගේ මහත්මිය විසින් සහ BOC අලෙවි කළමනාකරු ජගත් හිරිපිටිය මහතා විසින් මෙහෙයවනු ලැබීය.

මෙම අවස්ථාවට BOC සහකාර මහා කළමනාකරු වයඹ පළාත කුෂාන් දෙල්ගොඩ, ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති ඩී. ඒ. රත්නායක, ප්‍රධාන කළමනාකරු කුරුණෑගල අධිශ්‍රේණි ශාඛාව සමන්ප්‍රිය රාජපක්ෂ, අලෙවි කළමනාකරු ජගත් හිරිපිටිය, සන්නාම කළමනාකරු රංග ප්‍රනාන්දු, සහකාර කළමනාකරු ශාඛා මෙහෙයුම් ඉඳුනිල් සිල්වා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මීට සහභාගී වූහ.

සටහන හා ඡායාරූප -සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment