ශාන්ත ජෝශප් – ශාන්ත පීතර සටනේ ජය ශාන්ත පීතරට

66

30 වන ශාන්ත ජෝශප් – ශාන්ත පීතර වාර්ෂික සාන්තුවර පාපන්දු තරගයේ ජය අත්කර ගනිමින් ස්ටැන්ලි අබේසේකර සහ ජෝ. වික්‍රමසිංහ පිය අනුස්මරණ කුසලානය 16 වන වරටත් හිමිකර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් වූයේය.

එහි දී සාන්ත පීතර විදුහල වෙනුවෙන් දරේශ් තිස්සාරච්චි සහ මොහොමඩ් ඉහ්සාන් ද ශාන්ත ජෝශප් විදුහල වෙනුවෙන් තෙෂාන් තුෂ්මික සහ ඩොනී ඩනියල් ගෝල වාර්තා කිරීම නිසා 2-2 ක් ලෙස සම තත්ත්වයට පත්විණි.

දඬුවම් පහර එල්ල කිරීමේ අවස්ථාවෙන් ශාන්ත පීතර විදුහලට ජයග්‍රහණය හිමි විය.

එහිදී පහත ක්‍රීඩකයෝ ත්‍යාග හිමිකර ගත්හ.

ශාන්ත ජෝශප් දක්ෂතම ක්‍රීඩකයා – පැතුම් ගිම්හාන ශාන්ත පීතර දක්ෂතම ක්‍රීඩකයා – දරේශ් තිස්සාරච්චි හොඳම දැල් රකින්නා – මූසා අක්රම් (ශාන්ත පීතර)

තරගයේ වීරයා – මොහොමඩ් ඉහ්සාන් (ශාන්ත පීතර)

ශාන්ත පීතර විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති, රවික ද සිල්වා ශූරතා කුසලානය ශාන්ත පීතර නායකයා වෙත පිරිනමන අයුරු ඡායාරූපයේ දැක්වේ. ශාන්ත ජෝශප් විදුහල් අදියුරු, රංජිත් අන්ද්‍රාදි සහ ශාන්ත පීතර විදුහල් අදියුරු රෝහිත රුද්‍රිගු යන පියතුමන්ලා ද මෙහි වෙති.
හැඳල – ජේ . ස්ටැනිස්ලස් පයස්

advertistmentadvertistment
advertistmentadvertistment