පාරිභෝගික සේවා විමසුම් ව්‍යාපෘතියේ ‘ඔන් ලයින් දෝෂයක්’

33

පාරිභෝගික අධිකාරිය විසින් රුපියල් අනූ එක් ලක්ෂ අසූ අටදහස් තුන්සිය හැත්තෑවක මුදලක් වියදම් කර ආරම්භ කරනු ලැබූ 1977 පාරිභෝගික සේවා විමසුම් ව්‍යාපෘතියේ පාරිභෝගික ජනතාව විසින් කරනු ලැබූ පැමිණිලි සම්බන්ධයෙන් පැමිණිලිකරු වෙත මාර්ගගත පැමිණිල්ලේ අංකය හා විමර්ශනයේ ප්‍රගතිය දැනුම් දීමට ක්‍රමවේදයක් සකස් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම සියලුම දිස්ත්‍රික්ක කාර්යාල සමග සම්බන්ධ කිරීමෙන් දත්ත ඇතුළත් කිරීමට හැකිවන පරිදි ක්‍රමවේදයක් සකස් කර නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. පාරිභෝගික ගැටලු ක්ෂණිකව ඉදිරිපත් කිරීම සහ පාරිභෝගිකයින්ට වෙළෙඳපොළ මිල ගණන් දැන ගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ විය.

පාරිභෝගික විමසුම් ව්‍යාපෘතිය සඳහා පිරිවැය වශයෙන් රුපියල් 5,401,428ක මුදලක් සහ එය මහජනතාව අතර ප්‍රචාරණය කිරීමට රුපියල් 3,786,942ක මුදලක් වැයකොට තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment