ආසියානු  සටනට යන  ශ්‍රී ලංකා කාන්තා  ක්‍රිකට් බලඇණිය නම් කරයි

233

ලබන ඔක්තෝබර් මාසයේදී ඇරැඹෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ. ඒ අනුව 15 දෙනකුගෙන් සමන්විත එම කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තුට හිමිව ඇති අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ලෙස හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා සහ ඉනෝකා රණවීර කණ්ඩායමට නම් කර තිබේ.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 01 වැනිදා සිට 15 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකාව, බංග්ලාදේශයට අමතරව ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වැදීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය: චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා ඩිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, කෞෂිනි නුත්‍යංගා, ඕෂධී රණසිංහ, මල්ෂා ශෙහානි, මධුෂිකා මෙත්තානන්ද, ඉනෝකා රණවීර, රශ්මි සිල්වා, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, තාරිකා සෙව්වන්දි

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment