අවුරුදු කාලෙ ඩෝප් සීන් අඩුවෙලා

78

පසුගිය අලුත් අවුරුදු උත්සව සමයේදී මෙරට පුද්ගලයන්ගේ මද්‍යසාර භාවිතය සෙසු වර්ෂවලට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවක් වාර්තා වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හෙළි කරයි.

දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි පුද්ගලයන් 415ක නියැදියකින් ලබාගත් තොරතුරු ඇසුරෙන් සිදුකරන ලද සමීක්ෂණයකින් මෙම කරුණු අනාවරණය වූ බව එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

සමීක්ෂණයට භාවිතවූවන්ගෙන් 64%කගේ අදහස වී ඇත්තේ පසුගිය උත්සව සමයේදී සෙසු වර්ෂවලට සාපේක්ෂව මද්‍යසාර භාවිතය අඩු වූ බවයි. මෙම සමීක්ෂණයට සහභාගිවූවන්ගෙන් 71.5%ක් පවසා ඇත්තේ මද්‍යසාර මිල අධික වීම නිසා මෙවර මත්පැන් පානය අඩු වූ බවයි.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment