අමරවීරලා ඉවත් කිරීම වැළැක් වූ වාරණය 29දා තෙක් දිගුවෙයි

24

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කිරීම වළක්වමින් තම අධිකරණය විසින් නිකුත් කොට තිබූ වාරණ නියෝගය ලබන 29 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (08දා) නියෝග කළේය.

පෙර කී තිදෙනා විසින් ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් තම අධිකරණය හමුවේ ලිඛිතව ගොනු කිරීමට පියවර ගන්නා ලෙසටද විනිසුරුවරයා වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, සාරති දුෂ්මන්ත මිත්‍රපාල, නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා හා කේ.පී. ගුණවර්ධන යන මහත්වරුන් වගඋත්තරකරුවන් කරමින් මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න හා දුමින්ද දිසානායක යන මහත්වරුන් වෙන් වෙන්ව පැමිණිලි තුනක් ගොනු කර තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment