ආදරවන්තයින්ට බොබ් මාලෙගෙන් තෑග්ගක්…

159

ලොවපුර විසිරී සිටින ආදරවන්තයින්ගේ දිනයේදී පෙරේදා (පෙබරවාරි 14 වැනිදා) ඒ මහා පුරාවෘත්තයට ආදරය කරන සැමටම සුවිශේෂී වන්නේ ඔහුගේ ජීවන කතාව අළලා නිර්මාණය වුණු Bob Marley – One Love චිත්‍රපටය ලොවපුරා තිරගත වීම ආරම්භ කිරීම හේතුවෙනි.

Bob Marley – One Love චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Reinaldo Marcus Green විසිනි. ඒ වාගේම මේ දැවැන්ත වූ නිර්මාණයේ නිෂ්පාදන කාර්යභාරයට දායකත්වය සපයන්නේ Robert Teitel, Dede Gardner, Jeremy Kleiner, Ziggy Marley, Rita Marley, Cedella Marley නමැත්තන්ය. මේ අතර Bob Marley පුත්‍රයකුද සිටීම විශේෂත්වයකි.

ඇමරිකන් ඩොලර් මිලියන 70 කට ආසන්න වූ මුදලකින් නිපදවුණු Bob Marley – One Love චිත්‍රපටය Biography Drama, Music ශානරයට අයත් වේ. Bob Marley නමැති පුරාවෘත්තය දේවත්වයෙන් අදහන Reggae සංගීතයට ආදරය කරන බොහොමයක් වර්තමානය වන විටත් ලොව පුරා සිටී.

Kingsley Ben-Adir විසින් Bob Marley ගේ චරිතය නිරූපණය කරන අතර ඔහුගේ බිරිඳ Rita marleyගේ චරිතය වෙනුවෙන් Lashana Lynch දායකත්වය සපයයි.

ෂාමික ජයලත්

advertistmentadvertistment
advertistmentadvertistment