විදුලි පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් තුනක්

50

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලි පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන්නැයි ඉල්ලා විදුලි ඉංජිනේරුවරුන් දෙදෙනෙක් පෙරටුගාමී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව හා අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසිබලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර යන මහත්වරු ඊයේ (08දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් තුනක් ගොනු කළහ. ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ මුවාවෙන් ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික අංශයට විකිණීම සඳහා මෙම පනත ගෙනැවිත් ඇති බවද පෙත්සම්වල සඳහන්ය.

නීතිඥ මංජුල බාලසූරිය, නීතිඥ ඉෂාර එම්. ජයසේන හා නීතිඥ හංසිකා චන්ද්‍රසිංහ මඟින් ගොනුකර තිබූ එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබිණි. පසුගිය අප්‍රේල් 01 වැනිදා ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර අප්‍රේල් 25 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරනා ලෙසටද ඔවුහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment