ග්‍රාම නිලධාරි සටන දිග්ගස්සනවාද : – ඊයේ රෑ සූම් සාකච්ඡාවක්

67

දින දෙකක් තිස්සේ පැවැති ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවනු ලැබුව ද, ග්‍රාම නිලධාරීන්ගේ ඉන්ධන හා නිල ඇඳුම් දීමනාව ලබා නොදීම, “ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සේවය” ස්ථාපිත නොකිරීම ඇතුළු වෘත්තීය ගැටලුවලට රජය විසඳුම් ලබානොදෙන්නේ නම් ඉදිරි දින කීපය ඇතුළත දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව, ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ මාධ්‍ය විධායක සභික සුදීර වීරසිරි මහතා “දිවයින”ට ඊයේ (08 දා) පැවැසීය.

අඛණ්ඩ වැඩවර්ජනයකට යනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ‘සූම්’ තාක්ෂණය ඔස්සේ ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සංගම් නායකයන් සියලුදෙනාගේ සහභාගිත්වයෙන් ඊයේ (08 දා) රාත්‍රි විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබිණි.

ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැන අද දිනයේදී බොහෝවිට මාධ්‍යට ප්‍රකාශ කරන බව ද ඔහු කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment