මංගල උත්සවයේ සතුටු වූ රූමතිය හදිසියේ මියයයි

242


මංගල උත්සවයක නර්තනයේ යෙදී සිටී රූමත් තරුණියක් හදිස්සියේ ඇති වු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මීගොඩ උඩගෙවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ බටුවිට ප්‍රදේශයේ පුද්ගලික සමාගමක අලෙවි විධායකවරියක් ලෙස සේවය කරමින් සිටි මංජරී ආදිත්‍යා ප්‍රනාන්දු නැමැති 25 හැවිරිදි අවිවාහක තරුණියකි.

මියගිය තරුණිය ඇය සේවය කරන ආයතනයේ අයෙකුගේ විවාහ මංගල උත්සවයකට පිරිසක් සමඟ හොරණ ගෝනපොළ උත්සව ශාලාවක් වෙත ගොස් තිබුණු අතර එහිදී පිරිස සමඟ විනෝද වී නර්තනයේ යෙදී සිට ඇත.

මෙම තරුණිය තවත් තරුණියන් දෙදෙනෙකු සමඟ නර්තනයේ යෙදෙමින් සිටින අවස්ථාවේදී එම ස්ථානයෙන් පිට වී ගොස් ඇති අතර ටික වේලාවකට පසු ඇයට අසනීප වී මෝටර් රථයකින් හොරණ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත සහ එතැනින් හොරණ රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂාවේදී ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment