දේශීය සිසුන්ටත් කොතලාවල වෛද්‍ය උපාධියට දොර ඇරේ

523

දේශීය සිසුන් සඳහා ත්‍රිවිධ හමුදාවට හෝ පොලිසියට කැඩෙට් නිලධාරියකු ලෙස බැඳීමෙන් පමණක් සහ විදේශීය සුදුසුකම් ලත් සිසුන්ට මුදල් ගෙවීමේ පදනම මත පමණක් වෛද්‍ය විද්‍යා උපාධිය හැදෑරීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තිබූ අවස්ථාව පුළුල් කරමින් සුදුසුකම් සපුරා ඇති දේශීය අයදුම්කරුවන්ටද 2024 අධ්‍යයන වර්ෂයේ සිට මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධි පාඨමාලාව හැදෑරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව අනෙකුත් ජාතික විශ්වවිද්‍යාලවල සිසුන් බඳවා ගැනීම සඳහා අනුගමනය කරන ඉසෙඩ් ස්කෝර් (Z Score) අගයට අමතරව තවත් අතිරේක සුදුසුකම් කිහිපයක්ද සහිතව සකස් කර ඇති නිර්ණායක අනුගමනය කරමින් වෛද්‍යවේදය හා ශල්‍ය වෛද්‍යවේදය උපාධි හැදෑරීම සඳහා උපාධි අපේක්ෂකයන් ඇතුළත් කර ගැනීමට එම විශ්වවිද්‍යාලයට අවස්ථාව හිමිවේ.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment