2023 ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් ශා.අන්තෝනි සහ ශා.ජෝසප් සටනක

147


රටේ රග්බි ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන් පාසල් 70කට වැඩි සංඛ්‍යාවකට ඩයලොග් සමාගමේ සහාය2023 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලිය ආරම්භ කරමින් කටුගස්තොට ශා. අන්තෝනි විදුහල සහ ඉකුත්වර අනුශූරයන් මරදාන ශා.ජෝසප් විදුහල් කණ්ඩායම අද පස්වරු 4 සිට ‘මහනුවර බෝගම්බර පිටියේදී ‘ තරග වදිනු ඇත.2022 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලිය තුළ කටුගස්තොට ශා. අන්තෝනි කණ්ඩායමට අපේක්ෂිත දස්කම් අතරට පැමිධෑමට නොහැකි වූ අතර, සමස්ත තරගවාරයේදී ඔවුනට ජයගත හැකි වූයේ එක් තරගයක් පමණි.

නමුත් ඉකුත් තරගවාරයේදී මරදාන ශා. ජෝසප් විදුහල ඉතා සාර්ථක තරගාවලියක යෙදෙමින් සුපිරි දස්කම් දැක්වූ ඉසිපතනයට පමණක් දෙවැනි වෙමින් තරගාවලිය නිම කිරීමට සමත්විය.ජුනි 16 වෙනිදා මහනුවර විද්‍යාර්ථ විදුහල සහ ගල්කිස්ස ශා.තෝම-ස් විද්‍යාලය අතර තරගය පැවැත්වීමට නියමිත අතර, පසුදින ශා. තෝමස් විද්‍යාලය සහ කොළඹවෙස්ලි විද්‍යාලය අතර තරගය ගල්කිස්සේදී පැවැත්වෙනු ඇත.සතියේ දැවැන්තම සටන ජුනි 17 වෙනිදා බම්බලපිටියේදී ශා. පීතර විදුහල සහ රාජකීය විදුහල අතර පැවැත්වීමට යෙදී තිබේ. අනපේක්ෂිත අඩුපාඩුවක් සහ විනය කරුණක් මත’ශූරතාව මගහැරුණු කොළඹ රාජකීය විදුහල මෙවර ඉතා ශක්තිමත් තරගවාරයක් ප්‍රදර්ශනය කරමින් ශූරතාව සියතට ගැනීමට ඉලක්කර කර සිටින අතර,’පසුගිය තරගාවලියේදී ‘එතරම් සාර්ථක නොවූ ශා. පීතර ක්‍රීඩකයන්ද සිය පුහුණුකරු සරත් මාර්ටිස් යටතේ මෙවර ශූරයන් වීමේ අපේක්ෂාවෙන් තරග වදීයි.

ජුනි 17 වෙනිදා තෙවැනි තරගය මහනුවර ධර්මරාජ විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර බෝගම්බර පිටියේදී පැවැත්වෙන අතර, පසුදින එම ක්‍රීඩාංගණයේදීම කිංගස්වුඩ් විදුහල සහ ඉකුත්වර ශූරයන් වූ ඉසිපතන විදුහල තරග වදිනු ඇත.ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා මෙන්ම මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට අත හිත දෙන කීර්තිමත් සමාගමක් වන ඩයෙලාග් ආසිආටා පීඑල්සී 2023 පාසල් රග්බි ලීග් තරගාවලියේ සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා බවට පත්වෙමින්, පහළ ලීගවල ක්‍රීඩා කරන සියලුම පාසල්වලට අනුග්‍රහය ලබාදෙමින් යොවුන් රග්බි ක්‍රීඩකයන්ට සිය සහජ දක්ෂතාවන් ප්‍රදර්ශනය කරමින් ඉහළ ලීගවල ක්‍රීඩා කිරීමේ අවස්ථාව සලසාදීමටත්, අනාගතයේදී ‘ශ්‍රී ලංකාව නියොජනය කරන ක්‍රීඩකයන් බවට පත්කිරීමට අවස්ථාව සලසාදීම වෙනුවෙන්ද සහාය දක්වයි. මෙම තරගාවලියට අමතරව, ඩයලොග් පාසල් රග්බි ලීගය පහළ කාණ්ඩ සඳහාද අපූරු තරග පෙළගැස්මක් සකසා ඇත. ඒ අනුව ‘ඒ‘ කාණ්ඩයේ ‘බී‘ කොටසේ පළමු තරග 2023 ජුනි 16 වෙනිදා කොළඹ මහනාම විදුහල සහ කොටහේන ශා.බෙනඩික් විදුහල අතර ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී ද, ‘ ගාල්ල ශා. ඇලෝසියස් විදුහල සහ කොළඹ ලුම්බිනි විදුහල අතර තරගය කොග්ගල ක්‍රීඩාංගණයේදී ද, කොළඹ තර්ස්ටන් විදුහල සහ පිලියන්ද මැදි විදුහල’අතර තරගය තර්ස්ටන් විදුහල් ක්‍රීඩංගණයේදී ප.ව 4.15 සිට පැවැත්වීමට නියමිතය.මෙයට අමතරව පළමු කාණ්ඩයේ ‘සී‘ කොටස, දෙවැනි කාණ්ඩය සහ තෙවැනි කාණ්ඩයේ තරග ජුනි 26 වෙනිදා සිට ඇරඹෙනු ඇත. ඒ අනුව මෙය නියත වශයෙන්ම ඉතා උද්වේගකර තරගවලින් සපිරි, යොවුන් ක්‍රීඩකයන්ට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් බවට පත්වනු ඇත.මෙම උද්වේගකර තරගවාරය ප්‍රේක්ෂකයන්ට විඳගැනීමේ අවස්ථාව සලසාදෙමින්, තෝරාගත් තරග සජීවීව විකාශය කිරීමට ඩයලොග් ආසිආටා කටයුතු යොදා ඇත.

ඒ අනුව Dialog VIU app ඔස්සේ සහ Dialog TV නාලිකා අංක 126 ඔස්සේ තරඟ සජීවීව විකාශනය කරනු ලබන අතර, පාසල් සිසුන්, ආදි ශිෂ්‍යයින්, දෙමාපියන්, ක්‍රීඩාවට දිරිය හා සහාය ලබාදෙන සියලු පාර්ශව සහ රග්බි ක්‍රීඩා ලෝලීන්ට සිය නිවසේ සිටම සුව පහසුවෙන් තරග නැරඹීමට අවස්ථාව හිමිවේ.ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්,වොලිබෝල් සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව’හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය,ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත

advertistmentadvertistment
advertistmentadvertistment