වෛද්‍ය චමල් සංජීව ගොනු කළ පෙත්සම විභාගයට

184


හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ළමා මන්දපෝෂණය පවතින බවට සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව තම වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් ගෙන තිබෙන තීරණය තුළින් තම මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සමිති සම්මේලනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදුන්නේය.

කෙසේ වෙතත් පෙත්සම්කරු වැඩතහනම් කරමින් නිකුත්කර තිබෙන නියෝගය අත්හිටුවන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමෙන් කර තිබූ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
බුවනෙක අලුවිහාරේ, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment