ලෝක ආහාර වැඩසටහන අනුමත කළ ශ්‍රී ලංකාවේ සැලසුම

341


2023 සිට 2027 දෙසැම්බර් දක්වා වන ”‍ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම”‍ ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර ඇත.

එහි ඇස්තමේන්තු වටිනාකම ඩොලර් මිලියන 74.87කි.

ලෝක ආහාර අරමුදලේ ශ්‍රී ලංකා ක්‍රමෝපායික සැලසුම 2023 ජනවාරි මාසයේ සිට බලාත්මක වන අතර, එය ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුව මෙන්ම එක්සත් ජාතීන්ගේ 2023-2027 සඳහා වන තිරසාර සංවර්ධන සහයෝගීතා ප්‍රතිපත්ති රාමුව සමඟද අනුකූල වන බැවින් එම අනුමැතිය ලැබී ඇත.

රෝමයේ සිටින ලෝක ආහාර වැඩසටහනෙහි විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් එම්. බීස්ලි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ, ලෝක ආහාර අරමුදලෙහි දෙවන නිත්‍ය සැසිවාරයේදී විධායක මණ්ඩලය මෙම අනුමැතිය ලබාදුන් බවය.

මෙම ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලසුම තිරසාර සංවර්ධන ඉලක්ක අංක 02 ට අනුකූලව මෙරට ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය 2030 වන විට සාක්ෂාත් කරගැනීම සඳහා සැලසුම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment