Mr. Miss & Mrs Sri lanka 2023 – In Dubai මැයි 13 වැනිදා

285

ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ඉලක්ක කරගෙන ishi Beauty Saloon ඉදිරිපත් කරන Mr. Miss & Mrs Sri lanka 2023 – In Dubai තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ Taj Samadara හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ඩුබායි වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සංවිධානය වන මෙම Mr, Miss & Mrs SRI LANKA 2023 – in Dubai තරගාවලියේ විශේෂත්වය වන්නේ මේ සඳහා ඉදිරිපත් වන කිසිදු තරග කරුවෙකුගෙන් හෝ තරගකාරියකගෙන් කිසිදු මුදලක් අය නොකිරීමයි.

Mr. Miss & Mrs Sri lanka 2023 - In Dubai මැයි 13 වැනිදා

පසුගිය මාර්තු මස 03 වැනිදා දක්වා ලැබුණු අයඳුම්පත් අතරින් කාණ්ඩ 3ක් යටතේ තෝරා ගත් තරගකරුවන් 40 දෙනෙකු සමඟ මෙම තරගාවලිය එළැඹෙන මැයි මස 13 වැනිදා ඩුබායි රාජ්‍යයේ පැවැත්වේ. Mr, Miss & Mrs Sri lanka ඩුබායි 2023 තරගාවලියේ මෙහෙයුම් ප්‍රධානියා සහ යුරෝපයේ ප්‍රධාන සංවිධායක සුරංග ප්‍රනාන්දු පවසා සිටියේ පසුගිය කාලයේ පැවැති කොවිඩ් සහ ආර්ථික අර්බුදය හමුවේ පවත්වන්නට නොහැකි වුණු මෙම තරගාවලිය මේ වසරේ මෙලෙස පැවැත්වීමට හැකිවීම සතුට දනවන කාරණයක් බවය.

එසේම ජාත්‍යන්තර/ජාතික අධ්‍යයන ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන රූපලාවන්‍ය උපදේශක ishi Beauty හි හිමිකාරිත්වය හිමි ඉෂී පීරිස් මහත්මිය සඳහන් කළේ ඉදිරියේදී ඉතාලිය සහ කැනඩාවට ද මෙම තරගාවලිය රෑගෙන යෑමට සූදානමින් සිටින බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment