මේ ඇමතුම් ගැන පොලිසියට දන්වන්න

184

නිවෙස් හිමියන් කිසියම් අපරාධයකට සම්බන්ධ බවට නිවාසවල ස්ථාවර දුරකථන අංකවලට පොලිසියෙන් යැයි කියමින් ඇමතුම් ලබා දී ඔවුන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට යම් මුදලක් ඉල්ලන සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම ජාවාරම සම්බන්ධයෙන් මුල්ලේරියාව, නවගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බවට පැමිණිලි ලැබී තිබෙන බවත් එවැනි ඇමතුමක් ලැබුණොත් මුදල් ලබා නොදී ළඟම පොලිසියට දැනුම්දෙන ලෙසත් තල්දූව මහතා ඉල්ලා සිටී.

සහරාන් සම්බන්ධ විමර්ශන අනුව දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට නිරීක්‍ෂණය වන බව හා විවිධ අපරාධ සම්බන්ධයෙන් මෙම දුරකථන අංකය සම්බන්ධ බවට එම පිරිස් පවසා සිටින බවත් කිසිම අවස්ථාවක පොලිසිය විමර්ශනවලට අවශ්‍ය අයගෙන් මුදල් ඉල්ලා නොසිටින බවත් ඔහු පැවසීය.

පොලිසියකට යම් පුද්ගලයකුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස ඉල්ලීම් සිදුකළ හැකි බවත්, එහෙත් කිසිම අවස්ථාවක මුදල් ඉල්ලීමක් නොකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment