වාරික නොගෙව්වයි වාහනය ඉස්සුවාට ලීසිං සමාගමක ලොක්කට සිතාසි

3048

ඒ මදිවට කෑලිත් ගලවලා – පැමිණිල්ලේ නීතිඥ

ලියාපදිංචි හිමිකරුගේ විරෝධය නොතකා නිසි පරිදි වාරික නොගෙව්වේ යැයි චෝදනා කරමින් ලීසිං පහසුකම් යටතේ ලබාදී තිබූ වාහනයක් බලහත්කාරයෙන් පැහැර ගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා ලබන ජනවාරි 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා ප්‍රධාන පෙළේ ලීසිං සමාගමක වගකිවයුතු නිලධාරීන් වෙත සිතාසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
තමන් විසින් එම සමාගමට ගෙවීමට තිබූ හිඟ වාරික මුදලින් අඩකටත් වඩා ගෙවා තිබිදීත් එලෙස පැහැරගෙන ගිය වාහනය මේ වනවිට කොටස්වලට ගලවා දමා ඇති බවත් මුදල් අයකර ගැනීමේ ප්‍රධාන නිලධාරියා ඇතුළු බලධාරීන් වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ල මගින් වාහන ලියාපදිංචි අයිතිකරු වන දේශාන් චතුරංග නමැත්තා අධිකරණයට කියා තිබිණි. සිය සේවාදායකයාගේ වාහනය පැහැරගෙන යෑමෙන් එකී සමාගම මූල්‍ය හා කල්බදු පනත ඉතා බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවත් පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දුමේෂ් කාරියවසම් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment