අතිසුඛෝපභෝගී සූර්ය බලැති නෞකාව දියඹට

3056

යාපනයේ කරෙයිනගර් මහසෙන් නැව් නිපදවීමේ ආයතනය විසින් නිපද වූ සූර්ය බලයෙන් යාත්‍රා කළ හැකි අතිසුඛෝපභෝගී නැව දියඹට දියත් කිරීම 19 දා කරෙයිනගර් මුහුදේදී සිදු කෙරුණි.

බුරුමයේ සංචාරක සමාගමක ඇණවුමක් මත මෙම අතිසුඛෝපභෝගී නැව නිපදවා ඇති අතර එම නැව බුරුමයේ සංචාරක කටයුතු සඳහා යොදා ගැනෙයි.

මගීන් 150කට ගමන් කළ හැකි මෙම අතිසුඛෝපභෝගී නැව වායු සමීකරණයෙන් යුක්ත අතර එහි සියලු ම පහසුකම් ද අන්තර්ගත වෙයි.

නැව දියඹට දියත් කිරීම අතිසාර්ථක ලෙස සිදු වූ බව කරෙයිනගර් මහසෙන් නැව් නිපදවීමේ ආයතනය ප්‍රකාශ කොට තිබේ.

කරෙයිනගර් ප්‍රදේශයේ මෙම මහසෙන් නැව් නිපදවීමේ ආයතනය මීට වසර හතරකට පමණ ඉහත දී උතුරේ ධීවරයින්ට අවශ්‍ය ධීවර යාත්‍රා නිපදවීම පිණිස ආරම්හ කරන ලද කර්මාන්ත ශාලාවකි.

එම කර්මාන්ත ශාලාවෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නැවක් නිෂ්පාදනය කිරීම තම ආයතනය ලද විශිෂ්ට ජයග්‍රහණයක් බවද එම ආයතනය වැඩි දුරටත් සඳහන් කොට සිටියි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment