එක් සහෝදරයෙක් ලයිට් වැසුවාට අනෙක් සහෝදරයා කිපිලා

94

ගුටි ඇනගත් දෙසොහොයුරෝ රෝහලේ

නිවසේ විදුලිය විසන්ධි කළැයි එක් සහෝදරයකු සමග අනෙක් සහෝදරයා ඇති කර ගත් වචන හුවමාරුව දුරදිග යෑමෙන් පසු තුවාල ලැබූ දෙදෙනාම රෝහල් ගත කර ඇතැයි බදුරලිය පොලිසිය කියයි.

ඒ අනුව අනෙකාගේ ඇසිඩ් ප්‍රහාරයෙන් තුවාල ලැබූ හෙට්ටිආරච්චිගේ සුමින්ද යන අය බදුරලිය රෝහලටත් තුවාල ලැබූ හෙට්ටිආරච්චිගේ රංජිත් යන අය පිඹුර රෝහලටත් ඇතුළත් කර තිබේ.

හෙට්ටිආරච්චිගේ සුමින්ද තම ස්වාමි පුරුෂයා බවත්, නිවසේ විදුලිය විසංධි කිරීම සම්බන්ධයෙන් රාත්‍රියේ වැඩිමහල් සහෝදරයා සමග බහින්බස්වීමක් ඇති වූ බවත්, ඉන්පසු ඔහු තම ස්වාමි පුරුෂයාට ඇසිඩ් ගැසූ බවත් ජයසිංහ ආරච්චිගේ චතුරිකා සුභාෂිණි (අවු. 32) යන අය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment