දිවයින පුරා ආහාර සහ භාණ්ඩ සපයන බවට ජනතාව රවටා ලක්ෂ 50 ක් වංචා කළ සැකකරුට මාංචු

47

දිවයින පුරා විවිධ ප්‍රදේශ කිහිපයක ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ සපයන බවට මුලා කර ලක්ෂ පනහකට අධික මුදලක් වංචා කර මුදල් ඉපයූ පුද්ගලයෙක් කඩුගන්නාව පොලිසිය මගින් තලාතුඔය පොලිස් වසමේදී අත්අඩංගුවට ගන්නා ලදී- මොහු ස්ථිර ලිපිනයක් නොමැති උසාවි කිහිපයකින් වරෙන්තු පිට සිටි පුද්ගලයෙකි-

30 හැවිරිදි මාරස්සන පදිංචි මොහු තලාතුඔය පොලිස් වසමේ සැගවී සිටි බවට කඩුගන්නාව පොලිසියේ විමර්ශන අංශයට ලද දුරකථන විශ්ලේෂණ වාර්තාවක් අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇත- මෙම පුද්ගලයා මහනුවර, වලපනේ සහ කඩුගන්නාව යන ප්‍රදේශවලින් මුදල් වංචා කර ඇති අතර ලොරි රථවලට කොළඹින් බඩු පටවා ගෙන එන අතරමගදී ඔහු විසින්ම බඩු සොරා ගන්නා අතර, මෙම භාණ්ඩ අතර පොහොර, සීනි, පිටි, පරිප්පු, හාල් යන ද්‍රව්‍ය ඇතුලත්ව ඇත-

මොහු කඩුගන්නාව පොලිසිය මගින් මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් ශ්‍රීනාත් විජේසේකර මහතා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරන ලදි- මෙම වැටලීම කඩුගන්නාව පොලිසියේ පොලිස් ස්ථානාධිපති ඩී.ජී.එස්.සංජීව, අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක තුෂාර කරුණාරත්න, පොලිස් සැරයන් (21388) කෙසෙල්වත්ත, පොලිස් කොස්තාපල් (74768) විජේසිරි, පොලිස් කොස්තාපල් (100071) චන්ද්‍රසිරි, පොලිස් කොස්තාපල් (100072) දිසානායක සහ පොලිස් කොස්තාපල් 103596 හේරත් යන නිලධාරීන් විසින් සිදුකරන ලදි-

යසන්ති සුධර්මා ගුණතිලක – යටිනුවර

advertistmentadvertistment
advertistmentadvertistment