31දා ට පෙර විසඳුම් ඕනෑ – රජයේ විධායක නිලධාරීහු වර්ජනයකට සැරසෙති

50

රජයේ විධායක නිලධාරීන්ට බලපා ඇති වැටුප් හා දීමනා ගැටලුවට ලබන 31 දිනට පෙර පිළිගත හැකි විසඳුමක් ලබාදිය යුතු යැයි රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

එදිනට පෙර පිළිගත හැකි විසඳුමක් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් 2024 අප්‍රේල් පළමු සතිය තුළ දින දෙකක (02) සංඛේත වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තම සංගමය තීරණය කළ බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ. එල්. උදයසිරි මහතා ඊයේ (28දා) ‘දිවයින’ ට පැවැසීය.

මෙම රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට රාජ්‍ය සේවයේ ප්‍රධාන වෘත්තීය සමිති 18ක් අයත් වන බවද උදයසිරි මහතා තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment